News

කොළඹ ලෙඩ්ඩු දිනෙන් දිනම වැඩිවෙලා

ඊයේ(03) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් ගණන 468 ක් හඳුනා ගෙන ඇති බව කොවිඩ් -19 පැතිරිම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්‌ථානය පවසයි.

දිස්ත්‍රික් 17කින් නව ආසාදිතයින් 372 දෙනෙකු ඊයේ වාර්තා වු අතර පොලිස් නිලධාරින් 17 දෙනෙකු, බන්ධනාගාර පරිශ්‍රවලින් 75 දෙනෙකු සහ විදෙස්ගතව සිට පැමිණි ලාංකිකයින් 04 දෙනෙකු ද කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබුණි.

වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගෙන ඇති අතර ආසාදිතයින් 282ක් කොළඹින් හඳුනා ගෙන ඇත.

ඉන් 165 දෙනෙකු කොළඹ නගර සීමාවෙන් වාර්තා වන බව සදහන් ය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන කොවිඩ් -19 ආසාදිතයන් සංඛ්‍යාව දිනෙන් දින අවම වෙමින් පවතින බව වාර්තා වන අතර ගම්පහින් ආසාදිතයින් 43ක් හඳුනා ගෙන ඇත.

සෙසු ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ පහතින් දැක්වේ…….

කළුතර දිස්ත්‍රික්කයෙන් – 10
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් – 06
රත්නපුර දිස්ත්‍රික්කයෙන් – 06
ගාල්ල දිස්ත්‍රික්කයෙන් – 04
මහනුවර දිස්ත්‍රික්කයෙන් – 03
පුත්තලම දිස්ත්‍රික්කයෙන් – 02
මාතලේ දිස්ත්‍රික්කයෙන් – 02
මොණරාගල දිස්ත්‍රික්කයෙන් – 02
නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් – 02
හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් – 01
අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් – 01
අම්පාර දිස්ත්‍රික්කයෙන් – 01
මාතර දිස්ත්‍රික්කයෙන් – 01
බදුල්ල දිස්ත්‍රික්කයෙන් – 01

මේ මස 01 වනදා සිට ගතවු දින 13 තුළ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන ආසාදිතයින් 2402 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.

ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් හමු වූ ප්‍රදේශ පහත දැක්වේ……