News

කොළඹට උඩු ගුවනින් ගිය වකුගඩු

පොළොන්නරුව මහ රෝහලේ සිට කොළඹ ජාතික රෝහල වෙත ඊයේ (20 වැනිදා) ගුවන් මගින් වකුගඩු පද්ධතියක් සහ අක්මා පද්ධති දෙකක් ගෙන එන ලදී.

ශ්‍රී ලංකා ගුවන් හමුදා සහ සෞඛ්‍ය අමාත්‍යංශය අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමක් අනුව එම අවයව මෙසේ කොළඹට ප්‍රවාහනය කෙරිණි. ගුවන් හමුදාවේ බෙල් 412 හෙළිකොප්ටර් යානාවක් මේ සඳහා යොදා ගන්නා ලදී.