News

කෝටියක් වටින හෙරොයින් පැකට් කරමින් සිටියදී මාට්ටු

කෝටියකට අධික හෙරොයින් ග්‍රෑම් 898 ක් සමග සැකකරුවෙකු සහ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

මහබාගේ පොලීසිය විසින් සිදුකළ වැටලිමකදී මහබාගේ – වැලිසර ප්‍රදේශයේ දී මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.

සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හෙරොයින් පැකට් කරමින් සිට ඇති අතර සැකකරුවන් 26 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බව පොලීසිය සඳහන් කළේය.

මොවුන් අද (10) වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.