News

ගංවතුර අනතුරු ඇඟවීම්

 

සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඉදිරි පැය 6ක කාලය තුළ රාජාංගනය ජලාශය ආශ්‍රිත පහත් බිම් කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.

කරුවලගස්වැව, වනාතවිල්ලුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කලා ඔය නිම්නය ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් බලපානු ලැබිය හැකි.

එසේම සැලකිය යුතු වර්ෂාපතනයක් කලා ඔය ඉහළ ධාරා ප්‍රදේශයට ලැබී තිබෙන බැවින් රාජාංගනය ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇති අතර අද දහවල් වන විට රාජාංගනයෙන් තත්පරයට ඝන අඩි 12,000 ප්‍රමාණයක් කලා ඔයට නිකුත් කිරීමට නියමිතය.

මේ අනුව සුළු ගංවතුර තත්ත්වයක් ඇති වෙන බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.