News

ගව ඝාතනය තහනම් කිරීමේ නීතිය මසකින් කල්යයි

ගව ඝාතනය නතර කිරී‌මේ නීතිය මසකින් කල් දැමීමට තීරණය කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අද (10) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

ඒ සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡාවක් ඇතිව තිබෙන බවත්, ඊට නොයෙකුත් අදහස් ලබාගැනීමේ අවශ්‍ය බවත් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පැවසීය.

ඉන් අනතුරුව අවසන් තීරණයකට එළඹෙන බවද ඔහු වැඩිදුරටත් සදහන් කළේය.