News

ගසට නැග්ග තරුණයා සිහිසුන් වෙයි

 

 

බදුල්ල ප්‍රදේශයේ ගසකට නැග්ග තරුණයකු සිහිසුන් වූ පුවතක් වාර්තාවේ. අදාල තරුණයා බදුල්ල, තෙලබද්ද වත්ත ප්‍රදේශයේ අඩි 45ක පමණ උස කොස් ගසකට නැග තිබෙන අතර ගස මත දී සිහිසුන් බවට පත්ව තිබේ.

අද (25) දින සිදුවීම සිදුව ඇති අතර පසුව දැඩි පරිශ්‍රමයක් දරා පැය දෙකක මෙහෙයුමකින් පසු තරුණයා බිමට ගෙන තිබෙනවා.

අනතුරුව තරුණයාව සුවිසරිය ගිලන්රථ සේවාව මගින් බදුල්ල මහ රෝහලට ඇතුලත් කළ බව පොලිසිය සඳහන් කර තිබේ.

27හැවිරිදි එම තරුණයා කොස් ගසේ අතු කපමින් සිට ඇති අතර වාරු නැතිව වැනෙන බව දුටු කිහිපදෙනෙක් ගසට නැග ඔහුව ගැටගසා තිබෙනවා. අනතුරුව පොලිසියට දැන්වා ඇති අතර තරුණයා බිමට ගැනීමට පොලිසිය ආයතන කිහිපයකට දන්වා සහය ඉල්ලා තිබෙනවා . පසුව ප්‍රදේශයේ තරුණයකුම ගසට නංවා කඹයක ආදාරයෙන් සිහිසුන් තරුණයා බිමට ගෙන තිබේ.