News

ගාල්ල ධීවර වරාය තාවකාලිකව වැසෙයි

කොවිඩ් ආසදිතයෙක් පැමිණි බවට ලද තොරතුරක් මත ගාල්ල ධීවර වරාය අද (03) උදෑසන සිට තාවකාලිකව වසා දමා ඇත.

මෙයට හේතුවී ඇත්තේ රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ දොඩන්දූව පදිංචිව සිටි කොරෝනා ආසාදිතයකු ලෙස ඊයේ තහවුරු වූ පුද්ගලයෙකු ‘ පසුගිය දිනෙක ගාල්ලේ ධීවර වරායට විවිධ කටයුතු සඳහා පැමිණ තිබීමයි.

ගාල්ල ධීවර කමිටුවේ සභාපති පී.බී. ගාමිණී මහතා පවසන්නේ අදාල පුද්ගලයා PCR පරක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව ප්‍රතිපල ලැබීමට ප්‍රථමයෙන් ගාල්ල ධීවර වරායට පැමිණ ඇති බවයි.

ධීවරයන් පිළිබඳ තොරතුරු සෙවීමේ පහසුව සඳහාත් ධීවර වරාය විෂබීජහරණය කිරීම සඳහාත් මෙලෙස වසා දමා තිබේ. විෂබීජහරණ කටයුතු අවසන් වූ වහාම වරාය යළි විවෘත කිරීමට නියමිත බව පැවසේ.