News

ගාල්ල වරායට පැමිණි මුහුදු ආරක්ෂකයන් ආසාදිතයි

 

ඊජිප්තුවේ සිට සිංගප්පූරුව බලා යාත්‍රා කරමින් තිබූ නෞකාවේ සිට ගාල්ල වරායට ගොඩ බසින ලද ශ්‍රී ලාංකික මුහුදු ආරක්ෂකයන් දෙදෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

මෙම දෙදෙනා ඉකුත් 31 වැනි දින ගාල්ල වරායෙන් ​ගොඩබැස ඇති අතර පෙරේදා (2දා) සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔවුනට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

දෙල්ගොඩ, උඩුපිල සහ කුරුණෑගල මාස්පොත පදිංචි මෙම දෙදෙනා ප්‍රතිකාර සඳහා ඊයේ හම්බන්තොට රෝහල වෙත රැගෙන යාමට නියමිතව තිබිණ.

ගැමුණු චන්ද්‍රලාල් – ගාල්ල