ගාල්ලේ අධ්‍යාපන කොට්ඨාශයේ පාසල් සිකුරාදා දක්වම වසා දමයි
පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයට අයත් සියලුම පාසල් මෙම සතියේ සිකුරාදා (11) වනතෙක් වසා දැමිමට තින්දුකළ බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසයි.
ගාල්ල අධ්‍යාපන කොට්ඨාශයට අයත් මෙම පාසල් සදුදා සිට දින තුනක් වසා දැමිමට මිට පෙර තින්දු කරණු ලැබිය. පාසල් බ්‍රහස්පතින්දා විවෘත කිරිමට නියමිතව තිබුනද . පවතින වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය බලධාරින් දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතා සමග කළ සාකච්ඡාවකින් පසු තව දින දෙකක් පාසල් වසා දැමිමට තින්දු කළ බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් රංජිත් යාපා මහතා පවසයි.
පාසල් යලි ආරම්භ කරණ දිනය මෙම සිකුරාදා තිරණය කිරිමට නියමිතව ඇත. ගාල්ල නාගරික බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවසම් 06ක් සදහා සිමාසහිත සංචරණ සිමා පැනවිමට සෞඛ්‍ය අංශ මගින් නිර්දේශකොට ඇත.
හෙට (09) දින ග්‍රාම නිලධාරිවසම් 06 ආවරණය වන පරිදි පි.සි.ආර් පරික්ෂණ 1500ක් සිදුකිරිමට සැලසුම්කොට ඇත.
