ගිනිගත් නැව ගැන නීතිපතිගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
MT නිව් ඩයමන්ඩ් ඉන්ධන නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය පසු විපරම් කිරීමට සහ එම සිද්ධිය සම්බන්ධයෙන් මතුවන නීති ගැටලු සඳහා උපදෙස් ලබා දීම සඳහා සාකච්ඡාවක් පැවතුනා.
ඒ නීතිපතිවරයාගේ මුලිකත්වයෙන් අද දින (06) සාකච්ඡාවක් පවත්වා ඇත.
මේ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පවසා ඇත.
ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා, වෙළෙඳ නැව් අධ්යක්ෂ ජනරාල්වරයා සහ සමුද්‍ර පාරිසරික ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි මෙම සාකච්ඡාවට පැමිණි බව වාර්තා වේ.
