News

ගීතිකා කණ්ඩායමේ සාමාජිකාවන් දෙදෙනෙකුට කොවිඩ්

දළුපොත සිර කඳවුර පාර වේලක්කන්නි දේවස්ථානයේ ගීතිකා කණ්ඩායමේ සාමාජිකාවන් දෙදෙනකුගේ පියා කොරෝනා ආසාදිතයකු බව හඳුනාගැනීමෙන් පසු එම දේවස්ථානයේ පියතුමා ඇතුළු 54 දෙනකු නිරෝධායනයට ලක්කළ බව මීගමුව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසයි.

එම ගීතිකා කණ්ඩායමේ සාමාජිකාවන් දෙදෙනාගේ පියා පී.සී.ආර්. පරීක්ෂණයට ලක්කළ පසු ඔහු ආසාදිතයකු බව හඳුනාගෙන තිබිණි.

මේ අනුව ඔහුගේ දියණියන් දෙදෙනා සහ බිරිඳ ද පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකළ අතර එම තිදෙනාද ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇත.

මේ අනුව ඔවුන්ගේ ළඟම ආශ්‍රිතයන් වන දේවස්ථානයේ පියතුමා සහ ගීතිකා කණ්ඩායමේ සාමාජික සාමාජිකාවන් සහ ඔවුන්ගේ පවුල්වල 54 දෙනකු ස්වයං නිරෝධායනයට යොමුකළ බවත් ඔවුන් සඳහා පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන බවත් ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.

රේමන්ඩ් අපෝන්සු-මීගමුව