ගුරුවරුන්ට අතුරු දීමනාවක්
විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ වැටුප් විෂමතා විසඳෙන තුරු අතුරු දීමනාවක් ගෙවීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් පෙරේදා (28 වැනිදා) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
වාචික පිළිතුරු අපේක්ෂාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවසුවේය.
මෙම අතුරු දීමනාව ගෙවීම සඳහා මහා භාණ්ඩාගාර ලේකම්වරයා මේ වන විටත් මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇතැයි ද ඇමැතිවරයා කීවේය.
අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විට වැටුප් විෂමතාවට අදාළ තොරතුරු ජාතික වැටුප් කොමිෂන් සභාවට යොමු කර ඇති බවද ඇමැතිවරයා ප්‍රකාශ කර සිටියේය.
අජිත් අලහකෝන්
