ගොවීන්ගේ ගැටලු ගැන ජනපතිගේ අවධානය
ගම්මිරිස් වගාකරුවන්ගේ අස්වැන්නට ඉහළ මිලක් ලබා ගැනිමට අගය එකතු කිරිමේ ක්‍රමවේදය වඩාත් වැදගත් බව ජනාධිපති ගෝඨභය රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
මාතලේ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ජය තහවුරු කිරිම වෙනුවෙන් ගලේවෙල ළමා උද්‍යානයේ සංවිධානය කර තිබු ජන හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පෙන්වා දුන්නා.
වෙළඳ පොලට සැපයීමට නියමිත ළූණු අස්වැන්නට ස්ථාවර මිලක් දෙන්නැයි ගොවීහු මෙහිදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.
