News

චීන මැදිරි දුම්රිය රියැදුරන්ට එපාවෙයි

චීන මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමය තීරණය කර තිබේ.

එම සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසුවේ එම දුම්රිය මැදිරිවල තිරිංග ක්‍රියාවිරහිතවීම් ඇතුළු විවිධ දෝෂ වෙනුවෙන් සිදුවූ අනතුරු වලට විනය ක්‍රියාමාර්ග ගැනීම් වලට එරෙහිව මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ ආරම්භ කළ මෙම වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් ඔහු සඳහන් කළේය.

මේ අතර දෝෂ පවතින බව කියන චීන දුම්රිය මැදරි වෙනුවෙන් වෙනත් මැදිරි යෙදවීමට කටයුතු කරමින් සිටින බව දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි.

කෙසේ වෙතත් දුම්රිය පාලක මැදිරිය සදහන් කළේ දුම්රිය එන්ජින් රියැදුරන්ගේ මෙම ක්‍රියාමාර්ගයෙන් කිසිදු දුම්රියක් අවලංගු නොවූ බවයි.