News

චීන සහ තායිලන්ත පිරිසක් වීසා නැතුව කොටුවෙයි

වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන සහ තායිලන්ත වැසියන් 13ක් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී ඔවුන් සතු නීතිවිරෝධී දුම්වැටි තොගයක්ද සොයාගත් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කර සිටිනවා.

ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක නීතිවිරෝධී ලෙස විදේශිකයන් පරිසක් රැඳී සිටින බවට ලද තොරතුරු මත පොලිස් විශේෂ කාර්ය බලකාය මෙම වැටලීම කර ඇත.

150කට අධික පිරිසක් රැඳී සිට ඇති අතර මොවුන් චීන හා තායිලන්ත වැසියන්. ඉන් 13 දෙනෙක් නීති විරෝධිව මෙරට සිටි යයි. තවද ඔවුන් සතුව තිබී නීතිවිරෝධී දුම්වැටි 10300ක් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් පිරිස වැඩිදුර පරීක්ෂණ සඳහා ගල්කිස්ස පොලීසියට භාරදී ඇත.