News

ඡන්ද ගණින තැනට ආ බදියුදීන් සොයුරා ඉවත් කරයි

සමඟි ජන බලවේගයේ වන්නි දිස්ත්‍රික් අපේක්ෂක රිෂාඩ් බදියුදීන් මහතාගේ සොහොයුරා වන රිෆ්කාන් බදියුදීන් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයෙන් ඉවත් කිරීමට මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා විසින් අද(06) කටයුතුකරන ලදී.

ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ නියෝජිතයකු ලෙස රිෆ්කාන් බදියුදීන් මහතා වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලට පැමිණ තිබූ අතර එහිදී අංක 21 ගණන් කිරීමේ මධ්‍යස්ථානයට නියෝජිතයකු ඇතුල්වී තිබුණි.

ඔහු එහි රැදී සිටියදී මුව ආවරණයක් නොපැළදීම නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් අවවාද කිරීමේදී රිෆ්කාන් බදියුදීන් මහතා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අතර බහින්බස්වීමක් ඇතිවිය.

අනතුරුව එහි රාජකාරීකළ පොලිස් නිලධාරීන්ට සිද්ධිය දැනුම් දී රිෆ්කාන් බදියුදීන් මහතා ගණන් කිරීමේ පරීශ්‍රයෙන් ඉවත් කිරීමට කටයුතු කෙරිණි.

සනත් ප්‍රියන්ත – වවුනියාව