ජන ගැටලු සොයා ජනපති ගමින් ගමට
ජන ගැටලු හඳුනාගෙන නොපමාව විසඳුම් ලබාදීමේ අරමුණෙන් ගමින් ගම චාරිකා කිරීමේ ජනාධිපතිගේ වැඩපිළිවෙළ මෙම සිකුරාදා (25 වැනිදා) හපුතලේ අක්කර 100 ගම්මානයේ, කුමාරතැන්න විද්‍යාලයේදී ඇරැඹේ.
ජනතාව පීඩාවට පත් කරන ප්‍රශ්න සියැසින් දැක ඔවුන්ගේ දුක්ගැනවිලි තමාම ශ්‍රවණය කොට නිවැරදි අවබෝධයක් ලබා ගනිමින් සහන සැලසීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
නිරීක්ෂණ චාරිකාව සඳහා තෝරාගෙන ඇති හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම සේවා වසම් 02කි. ඒවායේ පවුල් 222ක් පදිංචිව සිටිති. ඔවුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය වී, ගම්මිරිස් සහ කුරුඳු වගාව හා හේන් ගොවිතැනයි. ජන හමුව පැවැත්වෙන කුමාරතැන්න විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සිසුන් සංඛ්‍යාව 17කි.
ගම්බද ජනතාව බොහෝ කල් නොවිසඳී ඇති ආර්ථික හා සාමාජයීය ගැටලු නිසා දුෂ්කරතා පිරි ජීවිතයක් ගත කරන බව ජනාධිපතිවරයා ජනාධිපතිවරණ සහ මහමැතිවරණ සමයේ රට පුරාම පාහේ කළ චාරිකාවලදී පසක් විය.
