ජනතාව ගැවසෙන ස්ථානවල සෞඛ්‍ය පුරුදු බලගැන්වීමේ වැඩපිළිවෙළක්
කොවිඩ්-19 වයිරසය පාලනය කිරීම සඳහා නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ බිම් මට්ටමේ කිසිදු ආකාරයකින් ක්‍රියාත්මක නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ (16වැනිදා) පැවති සාකච්ඡාවකදී අනාවරණය විය.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් කොවිඩ්-19 වයිරස පාලනය කිරීම සඳහා වූ කමිටුව සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (16දා) රැස් විය.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ ක්‍රියාත්මක නොකිරීම පිළිබඳ පසු විපරමක් සිදුකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරිය සෞඛ්‍ය ලේකම් වෛද්‍ය සංජීව මුණසිංහට උපදෙස් ලබාදී තිබේ.
ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් නිරීක්ෂණ ඒකකයක් ස්ථාපිත කිරීමටද තීරණය කර ඇත. එහිදී ජනතාව, දේශපාලනඥයන් සහ ආයතන සිදුකරන වැරදි ප්‍රසිද්ධ කිරීමටද මෙහිදී තීරණය විය.
ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල සෞඛ්‍ය පුරුදු ක්‍රියාත්මක කිරීම බලගැන්වීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද තීරණය විය. සෞඛ්‍ය නීතිරීති ක්‍රියාත්මක නොකිරීම නිසා වයිරසය යළි ව්‍යාප්ත වීම් අවදානමක් මතුවිය හැකි බවද නිලධාරීන් මෙහිදී පෙන්වා දුන්හ.
උදයජීව ඒකනායක/ චාමර පල්ලෙගෙදර
