ජනතාව ජාත්‍යන්තර කුමන්ත්‍රණයකට අහුවෙලා අපි ගෙදර යැව්වා
අද අපි මුණ ගැහෙන පාදුක්ක පොළභූමිය මම ජනාධිපතිවරයා විදිහට පාසල් විවෘත කිරීමකට එද්දී එකම මඩ වගුරක්.
මම එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට කතා කරලා මේ පොළභූමිය හදන්න කීවා. එතුමා ඒක කළා. අද අපට මේ විදිහට පිරිසිදු සංවර්ධිත තැනක හමුවෙන්න ලැබුණේ ඒ නිසායි. ඒ පිළිබඳ සතුටුයි.
එදා අපි පුංචි සාකච්ඡාවකින් ආරම්භ කළ පොදුජන පෙරමුණ අද රටේ දැවැන්ත දේශපාලන බලවේගය වෙලා. පළාත් පාලන මැතිවරණයෙන් අපි 71%ක විස්මිත ජයග්‍රහණයක් ලැබුණා. අපේ නියෝජිතයෝ 4000ක් ජයග්‍රහණය කළා. යහපාලන ආණ්ඩුව පළාත් පාලන මැතිවරණය අවුරුදු දෙකක් කල් දැම්මා. පළාත් සභා ඡන්දය කල්දාන්න කරන්න පුළුවන් උපරිම දේ කළා.
රටේ හොඳ වෙලාවට ජනාධිපතිවරණය තියන්න සිද්ධ වුණා. අපි එය විජයග්‍රහණය කළා. මහ මැතිවරණය ජයග්‍රහණය කරලා ව්‍යවස්ථා වෙනසක් මගින් හෝ පළාත් සභා මැතිවරණ පවත්වා ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිය රකින්න අපි කටයුතු කරනවා.
මෑත කාලයේ මේ රටේ සංවර්ධනයක් කළා නම් ඒ අපේ ආණ්ඩුව විතරයි. වරාය, ගුවන්තොටුපළ, අධිවේගී මාර්ග, ජාත්‍යන්තර ක්‍රීඩාංගණ, මහින්ද්යෝදය විද්‍යාගාර නිර්මාණය කළා. මාර්ග කාපට් කළා. දැන් චිත්‍රපටයකට ගන්න පස් පාරක් නෑ කියලා චිත්‍රපට නිෂ්පාදකවරයෙක් මට කීවා. උතුරු නැඟෙනහිර ඇතුළු මුළු රටටම 100%ක් විදුලි බලය දුන්නා.
අපේ ඊළඟ ඉලක්කය මුළු රටේම පානිය ජලය ලබා දීමයි. ඒ වගේම අපි මාර්ග කිලෝ මීටර් ලක්ෂයක් හදන ව්‍යාපෘතියක් පටන් ගන්නවා. කුමන ප්‍රශ්න ආවත් මේ ගමන ඉදිරියට යන්න ඕන.
කෙටි කලකදී ජනතාව ජාත්‍යන්තර කුමන්ත්‍රණයකට අහුවෙලා ගෙදර යැව්වා. ඒ නිසා රටට වුණ පාඩුව අපි පියව ගන්න ඕන. රට ඉදිරියට ගෙන යන්න පුළුවන්, රටට වැඩ කරන්න පුළුවන් දක්ෂ කණ්ඩායමක් අපි ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පිරිස දිනවලා ජනතාව තමන්ගේ යුතුකම ඉටුකරයි කියලා මම බලාපොරොත්තු වෙනවා.
