ජනතාව දැවැන්ත වියවස්ථා වෙනසක් අපේක්ෂා කරනවා – අගමැති
දේශපාලන පක්ෂ භේදයකින් තොරව ජනතාව බලාපොරොත්තු වන ව්‍යවස්ථා වෙනස වෙනුවෙන් පෞද්ගලික න්‍යාය පත්‍ර ඉවත්කර එක්වන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
අද (25) පාර්ලිමේන්තුවට තේරීපත්වූ නවක මන්ත්‍රීන් හමුවේ මේ අදහස් පලකළා
වැඩි දුරටත් අදහස් දැක්වූ අගමැතිවරයා පැවසුවේ “ජනතාව හිතන්නේ ඇමතිවරයෙක් හදා ගන්න නෙමෙයි. තමන්ව නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් හදන්න. මොන බල සම්පන්න ඇමතිකම තිබුණත්, තමන්ගේ මන්ත්‍රීකම හරියට නොකළොත් ජනතාව එයාව ගෙදර යවනවා. ඒ නිසා පාර්ලිමේන්තුවේ හොඳ මන්ත්‍රීවරයෙක්, මහජන නියෝජිතයෙක් වෙන එක තමයි රටට මේ මොහෙතේ වැදගත්,” බවයි
