ජන්දයට ඉදිරිපත් වන පළාත් නියෝජිතයන්ට කොමිසමෙන් දැනුම් දීමක්
මහ මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින පළාත් සභා හා පළාත්පාලන ආයතනවල නියෝජිතයන්ට එම ධුරවලින් ඉවත්වන ලෙස හෝ අවම වශයෙන් ඔවුන් වහාම ක්‍රියාත්මක වන පරිදි නිවාඩු ලබාගත යුතු බව මැතිවරණ කොමිසන් සභාව දැනුම් දෙයි.
එමෙන්ම රාජ්‍ය අමාත්‍යවරුන් භාවිත කළ රජයේ වාහන පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද මැතිවරණ කොමිසන් සභාව සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම්දී තිබේ.
