News

ජපන් වැසියන්ට නව අගමැතිවරයෙක්

 

යෝෂිහිඩේ සුගා, ජපානයේ නව අගමැතිවරයා ලෙස තෝරාගෙන ඇත. දින කිහිපයකට පෙර ඔහු ජපාන පාළක පක්ෂයේ නායකයා ලෙස තෝරා ගෙන තිබුණා.

සෞඛ්‍යමය හේතු මත තමා අගමැතිධුරයෙන් ඉවත්වන බව ෂින්ශෝ අබේ අගෝස්තු මාසයේදී පවසා ඇත.

72 හැවිරිදි වියේ පසුවන සුගා, ඉල්ලා අස්වූ ජපාන අගමැති ෂින්සෝ අබේ ගේ සමීපතමයෙකි.

ඈත පිටිසර අකිටා කලාපයේ හැදුනු වැඩුණු ඔහු, ගොවියෙකුගේ පුතෙකි. පාසල් අධ්‍යාපනය නිමවා ඔහු රැකියාවක් සොයා ජපාන අගනගරය වන ටෝකියෝ වට පැමිණ තිබේ. විවිධ රැකියා කරමින් දිවි ගෙවා තිබේ. වරක් ඔහු කාඩ් බෝඩ් වැඩපොළක රැකියාවක් කර තිබේ. අධ්‍යාපනයේ වටිනාකම හඳුනාගත් ඔහු, ටෝකියෝ නගරයට පැමිණීමෙන් පසු මුදල්ගෙවා ඉගෙනගත හැකි පෞද්ගලික විශ්වවිද්‍යාලයක ට ඇතුළු වී ඇත.

තවද ප්‍රකට සුකිජී මාළු වෙළෙඳපොළේ ද රැකියාවක් කර ඇති අතර එ මගින් මුදල් සොයා තම විශ්වවිද්‍යාල සිහිනය සබැකරගෙන තිබේ.

පසුව උපාධිය හිමිකරගත්, යොෂිහිඩේ සුගා ස්ථීර රැකියාවක් සොයාගත්ත ද ඔහුගේ තේරීම වූයේ දේශපාලනයයි.

ප්‍රථමයෙන් යොකෝහාමා නගර සභාවට තරඟ කළේය. නමුත් ඔහු කිසිවෙක් දැන සිටියේ නැත. දේශපාලන අත්දැකීම්ද මඳ විය.

නමුත් දිනයක දී නිවාස 300 බැගින් නිවාස 30,000ක් වෙත පයින්ම ගොස් තමා ගැන නගරවාසීන්ට තොරතුරු කීමට ඔහුට හැකිවූ බව පැවසේ.

ඒ හේතුවෙන් ඔහු ගේ සපත්තු කූට්ටම් 6ක් ගෙවී ගිය බව පක්ෂ වාර්තා තොරතුරු පෙන්වා දෙයි.