News

ජපුර සරසවිය P.C.R වලට සූදානම්

අවශ්‍ය වන්නේ නම් කොවිඩ් වයිරසය ආසාදිත වූවන් හඳුනා ගැනීමේ පී.සී.ආර්. පරීක්ෂණ කිරීමට සූදානම් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිතව දැනුම් දී තිබේ.

එම විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨයේ ඩෙංගු පර්‌යේෂණ මධ්‍යස්ථානයේ දී මෙම පී.සී.ආර්. පරීක්ෂණ පහසුකම් පවතින අතර කොවිඩ් වයිරසය ව්‍යාප්ත වූ මුල් කාලයේ සිට මේ දක්වා පී.සී.ආර්. පරීක්ෂණ විශාල ප්‍රමාණයක් එම මධ්‍යස්ථානයෙන් කර ඇත.

කොවිඩ් හඳුනා ගැනීමේ පරීක්ෂණ ඇතුළු වෙනත් පරීක්ෂණ සඳහා අවශ්‍ය සියලු පහසුකම් මෙම මධ්‍යස්ථානය සතුව පවතී.

නිලන්ත මදුරාවල