News

ජවිපෙ ගැන වැරදි මතයක් සමාජගත වෙලා – හඳුන්නෙත්ති

ආණ්ඩුවේ නව ව්‍යවස්ථාව රටට ගැළපෙන්නේ නම් සහයෝගය දිය හැකි බව සහ ඊට පක්ෂ වනවාද නැද්ද යන්න පිළිබඳ මේ මොහොතෙහි කිව නොහැකි බවත් ජාතික ජන බලවේගයේ සාමාජික, හිටපු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ඊයේ දින (25) මාධ්‍ය වෙත පවසා ඇත.

” අප ගැන වැරැදි මතයක් සමාජයේ ගිහින් තියෙනවා ආණ්ඩුව කරන හැමදේටම විරුද්ධ වෙනවා කියලා. අපි ආණ්ඩුව හොඳ දෙයක් කළොත් ඒකට සහයෝගය දෙනවා. ඒත් රටට නොගැළපෙනව නම් ඊට එකහෙළා විරුද්ධ වෙනවා. ඉස්සෙල්ලම ව්‍යවස්ථාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙන්න එපැයි. ඉන් පස්සේ අපේ තීරණය කියනවා ” ඒ මහතා පවසා ඇත.

පළාත් සභා අහෝසි කරනවට අපි කැමතියි. මුල ඉදන් අපේ ස්ථාවරය වුණෙත් ඒක. ඒත් මැතිවරණ ක්‍රමයක් විදියට පළාත් සභා ක්‍රමය රටේ තියෙද්දී මැතිවරණවලට ඉදිරිපත් වෙන්න අපට සිදු වෙනවා යැයිද ඒ මහතා පවසා ඇති බවට වාර්තා වේ.