News

ජාතික පාසලක් නැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 123ක්

ජාතික පාසලක් නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 123ක ද්විතීයික පාසල් ජාලයක් ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 18450ක් අවශ්‍ය බව අධ්‍යාපන අමාත්‍යාංශය අමාත්‍ය මණ්ඩලයට සහ මුදල් අමාත්‍යාංශයට දැනුම් දී ඇත.

උපරිම වශයෙන් සිසුන් 3000කට අවශ්‍යතාවය සැලසෙන පරිදි සියලු පහසුකම් ලබා දෙමින් මෙම පාසල් ජාලය ස්ථාපිත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලැසුම් කර ඇත. ලබන වසරේ ජනවාරි මස ආරම්භ කිරීමට නියමිත මෙම වැඩපිළිවෙළ 2023 වර්ෂයේ අවසන් කිරීමට නියමිතය.

එක් පාසලකට රුපියල් මිලියන 60 සිට රුපියල් මිලියන 150ක් දක්වා ආයෝජනය කිරීමට නියමිතය. මීට අදාළ අමාත්‍ය මණ්ඩල සංදේශය අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් අමාත්‍ය මණ්ඩලයට යොමු කර තිබේ. මීට සමගාමීව ජාතික සංවර්ධනයට දායක විය හැකි පුරවැසියන් බිහි කිරීමට යෝග්‍ය නව විෂය මාලාවක්ද සකස් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලැසුම් කර ඇත.

උදයජීව ඒකනායක