News

ජාතික රෝහලේ මුළුතැන්ගෙයි 14කට කොවිඩ්

කොළඹ ජාතික රෝහලේ මුළුතැන්ගෙයි සේවය කළ සේවකයින් 14 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වෙයි.

ආසාදිත සේවකයින් ඊයේ දින නිරෝධායනය සඳහා යොමු කර ඇති අතර, ආසාදිතයින් හඳුනා ගැනීමත් සමඟ එම පරිශ්‍රය සම්පූර්ණයෙන්ම විෂබීජහරණය කිරීමට පියවර ගෙන තිබේ.

ඔවුන්ගේ ආශ්‍රිතයින් ද මේ වන විටත් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

මුළුතැන්ගෙයි කටයුතු පවත්වාගෙන යාම සඳහා අද(09) සිට වෙනත් පිරිසක් යෙදවීමට ද පියවර ගෙන තිබේ.