ඩෙංගු පාලනයට කොවිඩ් හරස් වේ
කොවිඩ් පාලනයට සියලුම සෞඛ්‍ය බලධාරීන් යොමුවීම හේතුවෙන් ඩෙංගු පාලනයට ඔවුන්ගේ දායකත්වය ලබාගැනීමේ අසීරුතාවක් මතුව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්යක්ෂ වෛද්‍ය අනුර ජයසේකර ‘අරුණ’ ට පැවසීය.
කෙසේ වෙතත් මේ වනවිට ඩෙංගු රෝගීන් වාර්තා වන ප්‍රදේශවලට දූමායනය කිරීමේ කටයුතු සැලසුම් කර ඇති බවද අධ්යක්ෂවරයා කියයි.
එමෙන්ම මේ මොහොතේදී මහජනතාවටද විශාල වගකීමක් පැවරී ඇති බැවින් තම නිවෙස් අවට පිරිසුදුව තබාගනිමින් සිය වගකීම ඉටු කරන ලෙසද ඉල්ලීමක් කරයි. ගතවූ මාස හතරක කාලයේදී මෙරට ඩෙංගු රෝගීන් දහඅට දහස් අටසිය තිස්පහක් වාර්තා වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ජනවාරි මාසයේදී වාර්තාවන අතර එම සංඛ්‍යාව එකොළොස් දහස් පන්සිය අනූ පහකි.
චාමර පල්ලේගෙදර
