News

ඩෙංගු රෝගීන් වැඩිම කොළඹ

මෙම වසරේදී ඩෙංගු රෝගයෙන් පුද්ගලයන් තිස්තුන් දෙනෙක් මියගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

මෙම වසරේදී වාර්තාවී ඇති රෝගීන් සංඛ්‍යාව 27,733 කි. වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එය 3947 කි.

මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන රෝගීන් සංඛ්‍යාව 3040 කි.

සියලු දිස්ත්‍රික්කවලින් ඩෙංගු රෝගීන් වාර්තා වන නමුත් මොනරාගල දිස්ත්‍රික්කයෙන් පමණක් කිසිදු රෝගියකු වාර්තා නොවීමද විශේෂත්වයකි.

වැසි සමය උදාවීමත් සමග ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව පවසන අධ්‍යක්ෂ සුදත් සමරවීර රෝගය පාලනය කිරීම උදෙසා දිස්ත්‍රික්ක මට්ටමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බවද සඳහන් කළේය.

 

ශිරන්තනි මානවඩු