News

ඩෙංගු රෝගීන් වැඩිම කොළඹ

මෙම වසර තුළ දිවයින පුරා වාර්තාවන ඩෙංගු රෝගීන් අතරින් 23 දෙනකු දැනට මියගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ සභාපති වෛද්‍ය අරුණ ජයසේකර පැවසීය.

ඒ අතරින් බහුතරය මරණ සංඛ්‍යාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බවත් වැඩිම රෝගීන් පිරිස වූ 3382ක් වාර්තාවන්නේද එම දිස්ත්‍රික්කයෙන් බවත් සභාපතිවරයා සඳහන් කළේය.

ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරන පරිදි පසුගිය මාස තුනක කාලය තුළ මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තාවන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් තිබේ. එය කොළඹ දිස්ත්‍රික්කයට සාපේක්ෂව 428 ක වැඩිවීමකි.

ශිරන්තනි මානවඩු