News

ඩෙංගුවලට රෝහල් සූදානම් කරන්න-සුව ඇමැතිනි අනතුරු අඟවයි

ඩෙංගු රෝගීන් ඇතුළත් කිරීම සඳහා රෝහල් සූදානම් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට ඊයේ (11 වැනිදා) උපදෙස් ලබාදී ඇත.

අංගොඩ ජාතික බෝවන ​රෝග විද්‍යාතනයේ කොවිඩ් -19 රෝගීන් ප්‍රතිකාර ලබන නිසා මීගමුව දිස්ත්‍රික් මහ රෝහල ඩෙංගු රෝගීන් ඇතුළත් කිරීම සඳහා සූදානම් කර තැබීමට නියමිතය. කොළඹ දිස්ත්‍රික්කය ආසන්නයේ තවත් රෝහල් දෙකක් හඳුනාගෙන එම රෝහල්ද ඩෙංගු රෝගීන් ඇතුළත් කිරීම සඳහා සූදානම් කිරීමට නියමිතව ඇත.

කොවිඩ් -19 රෝගීන් අඩු වූ පසු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේද වෙනම වාට්ටු කිහිපයක්ද සූදානම් කර තබන ලෙසද සෞඛ්‍ය අමාත්‍යවරිය දැනුම් දී තිබේ. විශේෂයෙන්ම ඉදිකිරීම් කලාපවල ​ඩෙංගු මදුරු කීටයන් බහුල වශයෙන් සොයාගෙන තිබේ.

සිදුකරන ලද කීට විද්‍යා සමීක්ෂණවලට අනුව කොළඹ ජාතික රෝහලේ ඉදිකෙරෙමින් පවතින බාහිර රෝගී අංශය තුළද මදුරු කීටයන් සොයා ගෙන ඇත.

 

උදයජීව ඒකනායක