News

තද වැසි සමග සුළු ගංවතුර තත්ත්වයක්

අයහපත් කාලගුණයත් සමග ගංවතුර තත්ත්යන් පිළිබද විමසිල්ලෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව කළුගගේ කුඩා ගග පිටාර ගැලීමේ අවධානමක පවතින බව එම මධ්‍යස්ථානය සදහන් කරයි.

මේ හේතුවෙන් කලවෙල්ලාව හෙවත් මිල්ලකන්ද ප්‍රදේශයෙන් පිටාර ගැලීමට හැකියාව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

එමෙන්ම අත්තනුගලු ඔය දුනමලේ දුනමලේ ප්‍රදේශයට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිව ඇතැයි එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සදහන් කරයි.

මේ අතර බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පසුව තැනින් තැන, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.