News

තම යෝජනාවලිය ගැන දෙමළ සන්ධානය අගමැති හමුවී කරුණු දක්වයි

දෙමළ ජාතික සන්ධානය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත යෝජනාවලියක් ඊයේ (04 වැනිදා) භාර දී ඇත. අග්‍රාමාත්‍යවරයා අරලියගහ මන්දිරයේ ඊයේ (4 වැනිදා) පෙරවරුවේ පැවැති සාකච්ඡාවට පැමිණි දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් එහිදී යෝජනාවලිය භාරදී ඇත.

එම යෝජනාවලිය පිළිබඳව අග්‍රාමාත්‍ය නිල නිවසේදී දෙමළ ජාතික සන්ධානය සමග පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

එල්.ටී.ටී.ඊ. සිරකරුවන් නිදහස් කිරීම, නව ව්‍යවස්ථාවක් සකස් කිරීම, උතුරු පළාතේ හමුදා මාර්ග පරීක්ෂණ මුර කපොලු ඉවත් කිරීම, හමුදාව අත්පත් කර ගෙන ඇති උතුරේ ඉඩම් කෘෂිකාර්මික කටයුතු සඳහා නිදහස් කිරීම, කොවිඩ් 19 අරමුදලට ලැබෙන මුදල් උතුරු, නැගෙනහිර වැඩකටයුතු සඳහාද යෙදවීම යන යෝජනා දෙමළ ජාතික සන්ධානය අග්‍රාමාත්‍යවරයා වෙත ඉදිරිපත් කර ඇත.

උදයජීව ඒකනායක