තරු හතරේ ජෙනරාල්වරුන් ලෙස උසස්වීම්
ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා තරු හතරේ ජෙනරාල්වරුන් ලෙස උසස් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (28 වැනිදා) පියවර ගත්තේය.
මේ වන විට ආරක්ෂක ලේකම්ව සිටින කමල් ගුණරත්න හමුදා සේවයෙන් විශ්‍රාම ගන්නා විට මේජර් ජෙනරාල් ධුරයේ කටයුතු කළ අතර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද හමුදාපති ධුරය හොබවන ශවේන්ද්‍ර සිල්වා ලුතිනන් ජෙනරාල් ධුරයේ සිටියේය. මේ අනුව සක්‍රිය සේවයේ යෙදී සිටියදී තරු හතරේ ජනරාල්වරයකු ලෙස උසස්වීම් ලද දෙවැනියා වන්නේ ශවේන්ද්‍ර සිල්වාය. මීට පෙර එම අවස්ථාව හිමිකර ගත්තේ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාය.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
