තව අවුරුදු පන් හයසීයකට අපිව අයින් කරන්න ලේසී නෑ
අවුරුදු සීයක පමණ ඉතිහාසයක් තියෙන අපි තව අවුරුදු පන් හයසීයකටවත් මෙම දිස්ත්‍රික්කයෙන් අයින් කරන්නලේසි නැති බවත් ඒ සදහා යන්න අපිට උවමනාවකුත් නැති බවත් හම්බන්තොට දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා සිටි
ඔහු මේ බව කියා සිටියේ පසුගිය 26 වනදා සවස අම්බලන්තොට ප්‍රදේශයේ පැවති ජනහමුවක් සදහා සහබාගි වෙමිනි හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපේ දේශපාලන ඉතිහාසය අවුරුදු 100කට එහා. අපේ පරමිපරාවේ සීයල අවුරුදු සීයකට එහා දේශපාලනය කළා.
මහින්ද රාජපක්ෂ මගේ පියා අවුරුදු 50ක් මේ දිස්ත්‍රික්කයත් එක්ක දේශපාලනය කළා. මම අවුරුදු 10ක් මේ දිස්ත්‍රික්කයේ දේශපාලනය කරනවා
සජිත් ප්‍රේමදාස මහත්තයා මේ දිස්ත්‍රික්කෙන් ගියාට අපි අවුරුදු සීයක් හිටපු තැන දාලා කිසිසේත් අපි යන්නෙ නෑ. සජිත් ප්‍රේමදාස මහත්තයා ඉඩම් දෙනවා කියලා කැලෑවල් සුද්ද කළා. රැකියා දෙනව කියලා තාවකාලික පත්වීම් දුන්නා. ආධාර දෙනවා කියලා ණය දුන්නා. උසයිද කොටයිද කියලා බලලා පෝලිම් කරලා තමයි අයදුම්පත් එකතු කළේ.
අන්තිමට උස කට්ටියත් ගෙදර මිටි කට්ටියත් ගෙදර. ඒ නිසා එතුමාට ඔබට මුහුණදෙන්න බැරිව ඇති කියලා මම හිතනවා. එයා හදපු ගම්මානවලට ගියාම මිනිස්සු එයාගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ඇයි අපිව අසරණ කළේ කියලා. දෙන්න උත්තර නෑ. රැකියා ගත්තු තරුණයො ටික ඇහුවොත් ඇයි අපිට මෙහෙම කළේ කියලා එයාට දෙන්න උත්තර නෑ. ඒ හින්ද තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා දිස්ත්‍රික්කය අතෑරලා කොළඹට ගියේ බවයි නාමල් රාජපක්ෂ මහතා මෙහිදී කියාසිටියේ.
නමුත් අපි ඔබ සමග මේ දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතු වගේම සංවර්ධන කටයුතුත් කරගෙන යනවා. අපේ දේශපාලනය උදැල්ලක්, අලවංගුවක්, මෝල්ගහක්, වංගෙඩියක් දීලා ඡන්දෙ ගන්න එක නෙවෙයි. අපේ දේශපාලනය මේ දිස්ත්‍රික්කය සංවර්ධනය කරලා ඊළඟ පරම්පරාවට හරියන විදියට රට ගොඩනගන එක තමයි අපේ දේශපාලන ප්‍රතිපත්තිය. ඒ නිසා තමයි හම්බන්තොට වරායක් ආවෙ, ගුවන්තොටුපලක් ආවෙ. අධිවේගී මාර්ග ආවෙ. අපිට හොඳ දේශපාලන දැක්මක් ප්‍රතිපත්තියක් තියෙන නිසා තමයි එවැනි දැවැන්ත සංවර්ධනයක් අපි ඇති කළේ බවයි ඔහු පවසා සිටියේ
අම්බලන්තොට – අජිත් පුෂ්පකුමාර
