තවත් 197ක් දිවයිනට
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 197දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.
ඒ අනුව කටාර් සිට පුද්ගලයින් දෙදෙනෙකු, ඩුබායි සිට 50දෙනෙකු, ඉන්දියාවේ සිට අනූ දෙදෙනෙකු හා මාලදිවයිනේ සිට පුද්ගලයින් 53දෙනෙකු මෙරටට පැමිණ ඇත.
දිවයිනට පැමිණි ඔවුන් සියලුදෙනා ගුවන් තොටුපළේදීම පී.සී.ආර්. පරීක්ෂණය වලට යොමු කරන අතර, ඉන් අනතුරුව නිරෝධායනයට යොමු කිරීමට නියමිතයි.
