News

තවත් ආසාදිතයින් 348ක් වාර්තා වේ

කොවිඩ් ආසාදිතයින් 348 දෙනෙක් අද (23) දිනය තුළ හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන, 38,407ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වාර්තා වු ආසාදිතයින්ගෙන් 276ක් මීට පෙර වාර්තා වු ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර සෙසු ආසාදිතයින් 72ක බන්ධනාගාර කොවිඩ් පොකුරට අදාළව වාර්තා වී තිබේ.

අද සුවය ලැබු 582ක සමග මෙරට සුවය ලැබු සමස්තය 29,882ක් දක්වා ඉහළ ගොස් තිබේ