News

තවත් කොවිඩ් ආසාදිතයින් දෙදෙනෙකු හදුනාගැනේ

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් දෙදෙනෙකු මෙරටින් වාර්තා වෙයි.

සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු ආසාදිතයින් බවට අද හදුනාගත් බවයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,988ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට තවත් ආසාදිතයින් 134දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර, පුද්ගලයින් 2,842දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇතැයි සෞඛය අමාත්‍යංශය සදහන් කළේය.