තවත් යුක්රේන සංචාරකයින් 183ක් දිවයිනට
තවත් යුක්රේන් සංචාරකයින් 183දෙනෙකු රැගත් ගුවන් යානයක් දිවයිනට පැමිණ තිබේ.
මෙම සංචාරකයින් පිරිස අද (07) පස්වරුවේ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ ඇත.
ඔවුන් මෙරටට පැමිණි පස්වැනි යුකේන්ර සංචාරක කණ්ඩායම වේ.
මීට පෙර දිවයිනට පැමිණි 202දෙනෙක් නැවත යුකේන්රය බලා එම ගුවන් යානයෙන්ව පිටත්ව ගොස් තිබේ.
අද දිනයේ දිවයිනට පැමිණි යුක්රේන ජාතිකයින් මෙරට විවිධ ප්‍රදේශවල සංචාරය කිරීමට නියමිතයි.
