News

තවත් වෙළඳ නාවිකයන් 28 දෙනෙකු දිවයිනට

වෙළඳ නාවිකයන් 28 දෙනෙකු අද (22) අලුයම ගුවන් මගින් දිවයිනට පැමිණ තිබේ.

කටුනායක ගුවන්තොටුපොළ කාර්ය භාර කළමනාකරු සඳහන් කළේ දෝහා නුවර සිට මෙම පිරිස පැමිණි බවයි.

අද (22) අලුයම 1.30 ට පමණ පැමිණි පිරිස PCR පරීක්ෂණවලට යොමු කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.