තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගෙන ඒමට ගුවන් යානයක් ලන්ඩනය බලා පිටත්වෙයි
ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් බ්‍රිතාන්‍යයේ රැඳී සිටින තවත් සිසුන් පිරිසක් රැගෙන ඒමට විශේෂ ගුවන් යානයක් අද (04) අලුයම ලන්ඩන් නුවර හිත්‍රෝ ගුවන්තොටුපොළ බලා පිටත්ව ගොස් තිබේ.
එම ගුවන් යානය අද පෙරවරුවේ ගමනාන්තයට ළඟාවීමට නියමිත බව කටුනායක ගුවන්තොටුපොළ කාර්යය භාර කළමනාකරවරයා සදහන් කළේ.
ලන්ඩනයේ සිටින එම සිසුන් පිරිස රැගත් ගුවන් යානය හෙට (05) අලුයම දිවයිනට ළඟාවීමට නියමිතයි.
