ත්‍රි’මලේ මාළු කඩේ 6කට කොවිඩ්
ත්‍රිකුණාමලය මධ්‍යම මාළු වෙළෙද සංකීර්ණයේ සේවය කල 06 දෙනෙකුට කොවිඩ් 19 වයිරසය ආසාදිණය වී ඇති බව අද(24) වාර්තා විය.
මෙම වෙළෙද සංකීරණයේ පුද්ගලයින් 39 දෙනෙකුට ඊයේ(23) දිනයේදී pcr පරීක්ෂණ සිදු කර ඇති අතර බාගත් ජෛව සාම්පල්වල ප්‍රතිඵල අනුව ඉන් 06 දෙනෙකු හට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට හදුනාගැනිමට හැකි වී ඇත.
එම ආසාදිතයින් අතුරින් එක් අයෙක් පුල්මුඩේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් වන අතර අනෙක් පස්දෙනා ත්‍රිකුණාමලය නගරාසන්නයේ පදිංචිකරුවන් වේ.
මේ වන විට ත්‍රිකුණාමලය මාළු වෙළෙඳ මධ්‍යස්ථානය වසා දමා නිරෝධායන ලක්කර ඇත .
එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයෙන් සොයා මේ මොහොත වන විට ත්‍රිකුණාමලය නගරයේ පුරා මෙහෙයුම් සිදු කරමින් පවතී ආරංචි වීමත් සමඟ ත්‍රිකුණාමලය නගරයට ජනතාව පැමිණීම සීග්‍රයෙන් අඩුවී ඇත .
ත්‍රිකුණාමලය ආසාදිතයින් හමුවීම දැනගත් විගස ජනතාව විසින්අවශ්ය ඉන්ධන ලබා ගැනීම සඳහා ඉන්ධනහල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙන බව වාර්තා වේ.
සුමේධ රොෂාන් – ත්‍රිකුණාමලය
