News

තැපැල් ඡන්ද සලකුණු කිරිම ඇරඹෙයි

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරිමේ කටයුතු අද ආරම්භ වුණා.

අද දිනයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරිමේ අවස්ථාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්ය මණ්ඩල සඳහා හිමිව තිඛේ.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ පෙරවරු 09 සිට පස්වරු 4 දක්වා කාලය තුල තැපැල් ඡ්නදය ප්‍රකාශ කිරිමට අවස්ථාව සලසා ඇති බවයි.

හෙට සහ අනිද්දා දින දෙක තුල රාජ්‍ය සේවකයින් සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරිමට වෙන් කර ඇත.

ආරක්ෂක අංශ / පොලිසිය සහ සිවිල් ආරක්ෂක බලකාය සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරිම 16 සහ 17 දිනවල සිදු කිරිමට නියමිතයි.

සෞඛ්‍ය අංශ / දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ ලේකම් කාර්යාල තුල සිටින තැපැල් ඡන්ද දායකයින්ට ද එම දින දෙකේදී තැපැල් ඡන්ද ප්‍රකාශ කළ හැකියි.