තැපෑලෙන් භාණ්ඩ නිවසටම
වටිනාකම ගෙවා භාරදීමේ තැපැල් සේවාව තවදුරටත් වැඩිදියුණු කිරීමට පියවර ගෙන ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
පෙර අදාළ ක්‍රමය යටතේ භාණ්ඩහිමියා තැපැල් කාර්යාලයට පැමිණ භාණ්ඩයට මුදල් ගෙවා ලබාගත යුතුව තිබු නමුත්, නව ක්‍රමවේදය යටතේ භාණ්ඩය ප්‍රවහන ගාස්තු සහිතව ලබන්නාගේ නිවසට ගොස් භාරදීමට සැලසුම් කර ඇති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කරයි.
ඒ අනුව VPP ක්‍රමය හෙවත් වටිනාකම ගෙවා පාර්සල් භාරදීමේ ක්‍රමවේදය තවදුරටත් වැඩිදියුණු කරලා කෑෂ් ඔන් ඩිලිවරි (COD) ක්‍රමවේදයට පිවිසි තිබේ.
