News

තූල් ජාවාරමේ නිරත අඹුසැමි යුවළක් මාට්ටු

තූල් නැමති මත්ද්‍රව්‍ය විකිණීමේ ජාවාරමක නිරත වූ අඹුසැමි යුවළක් කිරුළපන ප්‍රදේශයේදී බම්බලපිටිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.

පාසල් ළමයින් ඉලක්ක කරගනිමින් ඔවුන් මෙම ජාවාරමේ නිරත වී ඇති බව පොලීසිය සඳහන් කරයි.

ඔවුන් සතුව තිබී තූල් නැමති මත්ද්‍රව්‍ය පැකට් 20 ක් සොයා ගෙන ඇති අතර එම මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කරන දුම්කොළ ඇතුලූ තවත් ද්‍රව්‍ය කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබේ.

අදාළ යුවළගේ මව විසින් දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම සිදුකර ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති අතර වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකාර මව නිවසේ සිට නොමැත.