තෙල් පිරිපහදුව වැඩි කරන්න ශක්‍යතා අධ්‍යනයක්
දිනකට බොරතෙල් බැරල් ලක්ෂයක නව පිරිපහදුවක් සපුගස්කන්ද පිරිපහදුවේ ස්ථාපනය කිරීමට අදාලව නව ශක්‍යතා අධ්‍යනයක් සිදුකිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
දැනට සපුගස්කන්දේ පිහිටා ඇති ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් පිරිපහදුවේ ධාරිතාව දිනකට බොරතෙල් බැරල් 40,000ක් පමණ බවත් පවසේ . එය දේශීය ඉල්ලුමෙන් සියයට 25ක් පමණයි.
ඉතිරි 75%ක ප්‍රමාණය විදේශ විනිමය බලපෑම මත ආනයනය කිරීමට සිදුව ඇති බව වාර්තා වේ.
