දකුණු ආසියාවේ විශාලතම දුම්රිය කෞතුකාගාරය මේ වසරේ විවෘතයි
දකුණු ආසියාවේ විශාලතම දුම්රිය කෞතුකාගාරය මෙම වසර තුළ විවෘත කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මරදානේ දුම්රිය දෙපාර්තමේන්තුවට ආසන්න ඉඩමක දැනට ඉදිකිරීම් කටයුතු අවසන් කෙරෙමින් තිබෙන එම දුම්රිය කෞතුකාගාරය අමත්‍යවරයා පසුගිය දා නිරීක්ෂණයට ලක් කළේය.
මහජන බැංකුව විසින් දැනට රුපියල් මිලියන 149ක මුදලක් මේ සඳහා වැය කර තිබෙන අතර නාවික හමුදා රණවිරුවන් විසින් ඉදි කිරීම කටයුතු කරනු ලබයි.
දුම්රියට හිතවත් විදේශීය සංචාරකයින් වාර්ෂිකව 12000ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණෙන බව වාර්ථා වේ.
ඔවුන් දුම්රියෙන් ආකාර්ශනීය ස්ථාන කර ගමන් කරන අතර දුම්රිය ඉතිහාසය අධ්‍යයනය කරනු ලබයි.
ශ්‍රී ලංකාවේ දුම්රිය සේවයේ පරිණාමය පිළිබඳ ශාරන පිරිස් සඳහා අධ්‍යයනය කල හැකි පරිදි මෙම කෞතුකාගාරයේ ඉදිකිරීම් කටයුතු කරනු ලබයි.
එමෙන්ම දේශීය සංචාරකයින්ට සහ පාසල් දරුවන්ටද මෙම දුම්රිය කෞතුකාගාරය වැදගත් වේ.
