දකුණෙන් ආසාදිතයන් 600කට අධික පිරිසක්
දකුණු පළාතෙන් ආසාදිතයන් 600කට අදික ප්‍රමාණයක් වාර්තා වී තිබේ. දකුණු පළාතේ කොව්ඩ් මෙහෙයුම් සම්බන්ධීකරණ කාර්යාලයේ සම්බන්ධීකරණ නිලධාරි චාමර මහගමගේ මහතා සඳහන් කරන්නේ ආසාදිතයන් 639ක් මේ දක්වා හඳුනාගෙන ඇති බවයි.
ආසාදිතයන් 54ක් ඊයේ (19) දකුණු පළාතෙන් හඳුනා ගෙන ඇති බව පැවසෙන අතර ඉන් 52ක් ගාල්ල දිස්ත්‍රිකයෙන් හඳුනා ගෙන ඇත. එසේම මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක වලින් රෝගියා බැගින් හඳුනාගෙන තිබේ.
මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයේ ‘ ගාල්ල මහනගරසභා බල ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිත රෝගින් 08 දෙනෙකු, ඉදුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයෙන් රෝගින් 40 දෙනෙකු, බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් රෝගින් 02නෙකු බලපිටිය හා අක්මිමන යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලින් රෝගින් එක් අයෙකු බැගින් හඳුනා ගෙන ඇති බව පැවසෙනවා.
එසේම දකුණු පළාතෙන් හඳුනාගත් ආසාදිතයන් 639 දෙනාගෙන් ‘ ගාල්ල දිස්ත්‍රික්කයේ ආසාදිතයන් 392ක් මාතර දිස්ත්‍රික්කයෙන් 199ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 48 වශයෙන් හඳුනා ගෙන තිබේ.
