News

දකුණෙන් කොරෝනා රෝගීන් 133ක් හමු වෙලා

මේ වනවිට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 133දෙනෙක් දකුණු පළාතෙන් වාර්තා වි ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයෙන් 89ක්, මාතර දිස්ත්‍රික්කයෙන් 26ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් 18ක් වශයෙන් මෙම ආසාදිතයින් පිරිස වාර්තා වී ඇත.

ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක වලින් රෝගීන් දෙදෙනා බැගින් කොරෝනා රෝගීන් 06 දෙනකු ඊයේ (05) දිනයේ දී දකුණු පළාතෙන් හමුවී තිබේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ හා වැලිවිටිය දිවිතුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨසවලින් එක් අයකු බැගින් රෝගීන් දෙදෙනෙක් වාර්තා වී ඇත.

මාතර දිස්ත්‍රික්කයේ දෙවිනුවර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් රෝගියෙකු හා මාතර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් එක් රෝගියෙකු වාර්තා වෙයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ හම්බන්තොට හා අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් ද එක් රෝගියෙකු බැගින් රෝගීන් දෙදෙනෙක් අලුතින් හමුවී තිබේ.