News

දරුණු අපරාධකාරයන්ට මාන්තිව් දූපතේ බන්ධනාගාරයක්

දරුණු ගණයේ අපරාධකරුවන් හුදෙකලා කර රඳවා තැබීම සඳහා උතුරු පළාතේ මාන්තිව් දූපතේ පැරණි ලාදුරු රෝහල ආශ්‍රිතව විශේෂ බන්ධනාගාරයක් ඉදිකිරීමට අධිකරණ, මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.

විෂය භාර ඇමැති නිමල් සිරිපාලද සිල්වා විසින් මෙම නව බන්ධනාගාරය පිළිබඳ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ මීට දින කිහිපයකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග බන්ධනාගාරවල පවතින ගැටලු පිළිබඳව කෙරෙණු විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයාගෙන් ලැබුණු උපදෙස්වලට අනුවය.

නයන තරංග ගමගේ