දරුවන්ට කුනුහරුප උගන්නපු චැනල් 9කට වැඩ වරදී
දරු දැරියන් ඉලක්ක කරගනිමින් අසභ්‍ය අන්තර්ගතයන් අන්තර්ජාලයට මුදාහරින යූටියුබ් නාලිකා නවයක් පිළිබඳව තොරතුරු තාක්ෂණය සම්බන්ධයෙන් මැදිහත්වන නිලධාරීන් දේශීය හා ජාත්‍යන්තර බලධාරීන්ට පැමිණිලි කර තිබේ.
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් එම නාලිකාවලට අයත් URL යොමු ද සහිතව ශ්‍රී ලංකා පොලිසියට ලිපියක් යොමු කරමින් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලීමක් කර තිබේ.
එම සංගමයේ සභාපති රජීව් යසිරු කුරුවිටගේ මහතා සඳහන් කරනුයේ යූටියුබ් බලධාරීන්ටද ඒ සම්බන්ධයෙන් වාර්තා කර ඇති බවයි.
මේ දිනවල දරුවන් බොහෝ ප්‍රමාණයක් නිවෙස්වල රැඳෙමින් ඔවුන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලීන් සහ වෙනත් පරිබාහිර කටයුතු සිදු කර ගැනීමට වැඩි වශයෙන් අන්තර්ජාලය භාවිතා කිරීමට යොමුව තිබෙන බවත් එය අවස්ථාවක් කරගනිමින් තම ආදායම ඉහල නංවා ගැනීමට අසභ්‍ය සිංහල යූටියුබ් වීඩියෝපට බොහෝමයක්ම තොරතුරු තාක්ෂණය, අන්තර්ජාල මෙවලම් භාවිතය සහ ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම පහසුකරන පාඨමාලා ලෙසින් හඳුන්වා තිබෙන නිසා අසභ්‍ය හා ලිංගික කුතුහලය මතුකරන වීඩියෝපට සදහා බාල ළමුන් ඉතා පහසුවෙන්ම ඇදෙන බවත් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට පෙනීගොස් ඇති බව රජීව් යසිරු කුරුවිටගේ මැතිව් පවසයි.
කුඩා දරුවන් මේ දිනවල වැඩි වශයෙන් අන්තර්ජාලය සහ යූටියුබ් අඩවිය තුල යොදාගනු ලබන keyword අසභ්‍ය අන්තර්ගතයන් ප්‍රවර්ධනය සදහා යොදාගෙන ඇති බවත් දරුවන්ට නුසුදුසු අසභ්‍ය වීඩියෝපට බොහෝමයක් මේ දිනවල “යූටියුබ් trending” පවා පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ නිරීක්ෂණයන්ට හසු වී තිබෙන බව ඔවුන් සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් කඩිනමින් අවධානය යොමු කර අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ලබාගැනීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටියි
